අම්ෂිකාගේ මරණය ගැන ඇහෙන අලුත් කතාව

Report

කොටහේන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් පැන සිය දිවි හානි කර ගත් සිසුවියගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිසියට සහ අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

බම්බලපිටිය සහ කොටහේන පොලිස් ස්ථානාධිපතිවරුන් හා දැරිය ඉගෙනුම ලැබූ පාසල අයත් කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පෙරේදා කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ මෙම දැනුම් දීම සිදු කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් චන්ද්‍රසිරි සඳහන් කර සිටියා. 

බලය ලබා ගන්න තාමත් සාකච්ඡා...හෙටත් විශේෂ දවසක්...

බලය ලබා ගන්න තාමත් සාකච්ඡා...හෙටත් විශේෂ දවසක්...

 

එමෙන්ම, එදින කොමිසම හමුවේ පෙනී නොසිටි දැරියගේ පාසලේ විදුහල්පතිනිය සහ ඇයව අපයෝජනයට ලක් කළ බව කියන එම පාසලේ ගණිත ගුරුවරයාට කොමිෂන් සභා පනත ප්‍රකාරව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්  ඔවුන්ගෙන් හේතු විමසීමට ද මානව හිමිකම් කොමිසම තීරණය කර තිබෙනවා.

දැරියගේ මිය යාම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයෙන් අනතුරුව සිය නිර්දේශ ලබා දෙන බවයි එම කොමිසම සඳහන් කර සිටියේ.

සැප වාහන වෙන්දේසියෙන් අනුර ගොඩ

සැප වාහන වෙන්දේසියෙන් අනුර ගොඩ