යළි බිඳී ගිය චාමර දසනයකගේ බලාපොරොත්තු

Sri Lanka Police Law and Order Sinhala news
By Hashan May 16, 2025 07:34 AM GMT
Hashan

Hashan

Report

හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) කැඳවනු ලැබුවා.   

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දී .

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සැකකරු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 176 කට අධික පාඩුවක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියා.   

අද මේ ලග්න වල වැය පස ඉහළ යන දිනයක්....කල්පනාවෙන් වැඩ කරන්න

අද මේ ලග්න වල වැය පස ඉහළ යන දිනයක්....කල්පනාවෙන් වැඩ කරන්න

ඉන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ ආකාරයෙන් පළාත් සභාවල පවතින ස්ථාවර තැන්පතු කල් පිරීමට පෙර ඉවත් කර ගැනීම සඳහා 2015 වසරේ තමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ භාණ්ඩාගාරය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බවත්, එම චක්‍රලේඛයට අනුව චාමර සම්පත් දසනායක මහතා විසින් කළ ක්‍රියාවක් නීති විරෝධී එකක් නොවන බවත් සඳහන් කර තිබිණි.

නමුත් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබුණේ 2016 වසරේ නොවැම්බර් මස 22 වනදා වුවද, චාමර සම්පත් දසනායක විසින් අදාළ මුදල් ඉවත් කර ගැනීම සිදුකර තිබුණේ 2016 වසරේ පෙබරවාරි මස 29වනදා බවත් එම නිලධාරිනිය පෙන්වා දුන්නාය.

ඒ අනුව සැකකාර චාමර සම්පත් මහතා විසින් අදාළ මුදල් ඉවත් කරගන්නා අවස්ථාව වන විට රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන ආකාරයේ චක්‍රලේඛයක් නොතිබූ බවත් එම නිලධාරිනිය පැවසීය. 

මෙන්න මේ දේ ළඟ තිබ්බොත් බඩුම තමයි

මෙන්න මේ දේ ළඟ තිබ්බොත් බඩුම තමයි

ReeCha