හයේෂිකාගේ පිළිම හඳපු ලංකාදීපට සොරි වෙයි..

By Shehan May 16, 2025 05:09 AM GMT
Report

ලංකාදීප පුවත්පතේ පළමු පිටුවේ “ටීචර් අම්මා පිළිම හදලා එකක් 25,000 ගාණේ විකුණලා” යන සිරස්තලය සහිත පුවත, 'සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ’ ෆේස්බුක් පිටුවේ හාස්‍යජනක දැන්වීමක් උපුටා ගනිමින් වාර්තා කර තිබේ.

මෙය සම්පූර්ණයෙන්ම නොමඟ යවන සුළු බවට සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන එල්ල වී ඇති අතර, ලිපිය ලියූ මාධ්‍යවේදී ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය සහ පුවත්පත ඉලක්ක කරමින් චෝදනා එල්ල වේ.

අම්ෂිකාගේ මරණය ගැන ඇහෙන අලුත් කතාව

අම්ෂිකාගේ මරණය ගැන ඇහෙන අලුත් කතාව

LTTE රත්තරන් රටින් පන්නන්න හැදුවද? වටිනාකම කෝටි ප්‍රකෝටි....!!!!!

LTTE රත්තරන් රටින් පන්නන්න හැදුවද? වටිනාකම කෝටි ප්‍රකෝටි....!!!!!

‘සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ’ යනු ආගමික හා සමාජ කරුණු උත්ප්‍රාසයෙන් ප්‍රශ්න කිරීමට ෆේස්බුක් තුළ නිර්මිත පිටුවකි. එහි පළ කිරීම් තරුණ පරිශීලකයන් හාස්‍යයෙන් තේරුම් ගන්නා නමුත්, ලංකාදීපය එම දැන්වීම බරපතළ පුවතක් ලෙස වාර්තා කිරීම විවේචනයට ලක්ව ඇත.

ලිපියේ සඳහන් වන්නේ හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරියගේ ජීවමාණ පිළිම රු. 25,000කට අලෙවි කරන බවත්, පොලීසිය එය තහවුරු කළ බවත් ය. නමුත් මෙය ව්‍යාජ බව සමාජ මාධ්‍යවල පැහැදිලිය. පුවත කොළඹ බෙදාහැරීමේ නොපැවතුණු අතර, පිටපළාත් බෙදාහැරීමේ පමණක් අන්තර්ගත විය.

බලය ලබා ගන්න තාමත් සාකච්ඡා...හෙටත් විශේෂ දවසක්...

බලය ලබා ගන්න තාමත් සාකච්ඡා...හෙටත් විශේෂ දවසක්...

‘සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ’ පිටුව අද (මැයි 16) දහවල් මෙම පුවත හාස්‍යයට ලක් කරමින් නැවත සටහනක් තබා ඇත. ලංකාදීපය මීට පෙරද ඔකපතන විද්‍යාලයට අදාළ හාස්‍යජනක සමාජ මාධ්‍ය සටහනක් පුවතක් ලෙස පළ කර ඇති බැවින්, මෙවැනි වාර්තාකරණය පිළිබඳ අප්‍රසාදය වැඩි වෙමින් පවතී.