කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Department of Meteorology TN Weather Weather Sinhala news
By Hashini Apr 18, 2025 11:41 AM GMT
Hashini

Hashini

Report

 ප්‍රදේශ රැසක උෂ්ණත්වය හෙට (19) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි.

මේ අතර සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට, මුලතිව්, වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට මි.මී 50 වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

යල කන්නයේ ගොවීන්ට පොහොර සහනාධාර ලැබී නැහැ

යල කන්නයේ ගොවීන්ට පොහොර සහනාධාර ලැබී නැහැ

ReeCha