යල කන්නයේ ගොවීන්ට පොහොර සහනාධාර ලැබී නැහැ

By Hashini Apr 18, 2025 11:00 AM GMT
Report

රජයෙන් ලබා දෙන පොහොර සහනාධාරය නොලැබීම හේතුවෙන් අම්පාර ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන් මේ වනවිට දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා.

යල කන්නයේ ගොවිතැන් කටයුතු මේ වනවිට ආරම්භ කල නමුත් ඊට අවශ්‍ය පොහොර නොලැබීමෙන් වගාව හානියට පත්ව ඇති බවයි ගොවින් චෝදනා කරන්නේ.

යල කන්නයේ වී ගොවිතැන් අම්පාර ප්‍රදේශයේ මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

සිය වගා කටයුතු සඳහා රජයෙන් ලබා දෙන පොහොර සහනාධාරය තවමත් නොලැබීම හේතුවෙන් ගොයමට හානි සිදු විය හැකි බවයි ගොවින් මැසිවිලි නගන්නේ.

නොච්චියාගම ප්‍රදේශයේ වී ගොවීන් ද පොහොර සහනාධාර නොලැබීමෙන් තවදුරටත් පීඩා විදිනවා.

නිසි කලට පොහොර දීමට නොහැකිවීමෙන් යල කන්නයේ වී අස්වනුවලට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ඔවුන් පවසනවා.

දළදා ප්‍රදර්ශණයට ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්

දළදා ප්‍රදර්ශණයට ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්