හැප්පිලා බලමු – ඇමතිට අපි භය නෑ... දැඩි තිරණයක

Report

තමන්ට අමාත්‍යවරයා ලොකු නොවන බවත් බලහත්කාරයෙන් කටයුතු කිරීමට අමාත්‍යවරයාට හැකියාවක් නොමැති බවත් දුම්රිය සේවකයින් පෙන්වා දී තිබෙනවා. අමාත්‍යවරයා විසින් සිදුකරන ඇතැම් අත්තනෝමතික ක්‍රියාවලට තම සේවක මණ්ඩලය කිසි සෙත් ඉඩ නොතබන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වෛරස් උණෙන් ගොඩ එන්න බැරුව ඉන්න ඔබ වෙනුවෙන්...

වෛරස් උණෙන් ගොඩ එන්න බැරුව ඉන්න ඔබ වෙනුවෙන්...

තර්ජනාත්මක අන්දමින් වෘත්තිය සමිති පාලනය කිරීමට හෝ දෙපාර්තුමේන්තු පවත්වාගෙන යාමට උත්සාහ කරන්නේ නම් දෙවරක් සිතා එය සිදුකරන්නැයි ආණ්ඩුවට අනතුරු හඟවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

එලෙස වෘත්තිය සමිති මෙල්ල කිරීම හෝ තර්ජනාත්මක ලෙස යටපත් කරගැනීම කිසිසේත්ම කළ නොහැකි බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.

චිකුන්ගුන්යා අවදානම් ප්‍රදේශ මෙන්න....පරිස්සමින්

චිකුන්ගුන්යා අවදානම් ප්‍රදේශ මෙන්න....පරිස්සමින්

දුම්රිය එන්ජින් රියැදුරන් පිරිසක් විසින් සිදුකළ දෙදින වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන කියා සිටියේ අසනීප නිවාඩු වාර්තා කළ දුම්රිය රියැදුරන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එසේම සතියක් දෙකක් හෝ දුම්රිය ධාවනය නවතා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම කීවේය. මේ සම්බන්ධයෙන් දුම්රිය මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් ස්ථානාධිපති සංගමයේ සභාපතිවරයා මේ බව කියා සිටියේය.