නිදහස් පක්ෂයේ වත්තල ලොක්කෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරයි

Report

විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ ගණනක මූල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වත්තල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක මෙන්ම වත්තල ප්‍රාදේශීය සභාවේ වත්මන් මන්ත්‍රීවරයෙක් වන රනිල් ලනරංග විතාරණ නැමැත්තාව මීගමුව පොලිසිය මඟින් නිල වශයෙන් අත්අඩංගුවට ගෙන ඊයේ 19 වැනි දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාව ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.

මගේ දුවව ඔක්කොම එකතු වෙලා මරලා මේක මට සැකයි - මහනුවරම සලිත කෙරූ 23 හැවිරිදි කාන්තාවගේ මරණයේ සුල මුල

මගේ දුවව ඔක්කොම එකතු වෙලා මරලා මේක මට සැකයි - මහනුවරම සලිත කෙරූ 23 හැවිරිදි කාන්තාවගේ මරණයේ සුල මුල

මීගමුව නලාදූව පාරේ ශාන්ත මරියා ගොරට්ටි මාවතේ පදිංචි පුද්ගලයෙකුගෙන් ඊශ්‍රායෙල් රාජ්‍යයේ ඉහළ වැටුප් සහිත විදේශ රැකියාවක් ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දුවක් ලබා දී මෙලෙස මුදල් වංචා කළ බවට මෙම සිදුවීමේ අගතියට පත් පැමිණිලිකරු විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියੁක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර මෙම දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර නඩු විභාගය එළඹෙන ලබන 24 වැනිදා අධිකරණය හමුවේ නැවත පැවැත්වීමට නියමිතව ඇත.

රටේ තෙල් මිල රු. 700ක් වෙන්න ඕනේ - රජය කලින් ගත් වැඩි මිල තෙල් තමයි තාම තියෙන්නේ - අගමැති හරිනි පැහැදිලි කරයි

රටේ තෙල් මිල රු. 700ක් වෙන්න ඕනේ - රජය කලින් ගත් වැඩි මිල තෙල් තමයි තාම තියෙන්නේ - අගමැති හරිනි පැහැදිලි කරයි