සිරුර පුරා තුවාල සහිත අභිරහස් පිරිමි මළ සිරුරක් කැලණි ගඟේ
සිරුර පුරා තුවාල සහිත අභිරහස් පිරිමි මළ සිරුරක් කැලණි ගඟේ පාවෙමින් තිබියදී අද දින සොයාගෙන තිබේ.
කඩුවෙල වැලිවිට පාලම අසල ගඟුල් ඉවුරේ රැඳී තිබියදී මෙම සිරුර සොයාගත් බවයි ප්‍රදේශයේ පරීක්ෂණ පවත්වන පොලිස් බලධාරීන් පවසන්නේ.
අදාළ මළ සිරුර අවුරුදු 30 ත් 35 ත් අතර වයස් කාණ්ඩයක පසුවන පිරිමි පුද්ගලයෙකුගේ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම මරණය ඝාතනයක් ද යන්න පිළිබඳව සෙවීම සඳහා කඩුවෙල පොලීසිය මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.