ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙන්නේ එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි. ඒ, අනුව සියළුම පොලිස් බල ප්‍රදේශ සඳහා විධිමත් ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් සියළුම ස්ථානාධිපතිවරුන් ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
පොලිසිය දැනුම් දෙන්නේ සෑම පොලිස් වසමක් තුළම දිවා/රාත්‍රී වශයෙන් ජංගම සංචාර, පාමුර / පාපැදි, බීට්ටු සංචාර හා යතුරුපැදි සංචාර ක්‍රියාත්මsrක කර, ප්‍රදේශය තුළ මනා සංචාරක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර අධික රථවාහන ගහනයක් ඇති වීමට ඉඩ ඇති ස්ථාන ආවරණය වන පරිදි රථවාහන නිලධාරීන් යොදවනු ලබන බවයි.
එමෙන්ම මෙම කාලසීමාව තුල බුද්ධි නිලධාරීන් යොදවා නීති විරෝධි ක්‍රියා මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට කටයුතු කෙරෙන අතර, මහා මාර්ගයේ ධාවනය වන රථ වාහන රිය අනතුරු වලට තුඩු දෙන බීමත්ව රිය පැදවීම, අධික වේගයෙන් රිය පැදවීම හා අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන අතර එවැනි රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත.
පොලිසිය දැනුම් දෙන්නේ මෙම කාලසීමාව තුල පූජනීයත්වයට හානිදායක වන ලෙසට හා ආගමික අවස්ථාවන්ට සහභාගී වන බැතිමතුන්ට පීඩාකාරී වන ලෙස කටයුතු කරන ඇතැම් පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධයෙන් පොලිසිය නිරන්තර අවධානයෙන් සිට ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බවයි.
ගුරු විභාගය ලියලා ඇඟිලි ගැනපු අයට සුභ ආරංචියක් - පිළිතුරු පත්‍ර ඇගයීමෙන් පසු ප්‍රායෝගික පරික්ෂණ හා බඳවා ගැනීම් කඩිනමින්
ඒ අනුව පොසොන් උත්සව කාල සීමාව තුළ සාමයට බාධා නොවන ලෙස, ආගමික කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂයෙන් පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා ඇත.