රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක් [VIDEO]

Report

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ 2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් උසස් පෙළට සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බවයි.

ඔවුන් අතරින් පාසල් අයදුම්කරුවන් 11,651ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 139ක් ද වන බවයි කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා. සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද(20) දින එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල වැරදිලාද? සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල වැරදිලාද? සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ සියලු විෂයන් අසමත් විභාග අපේක්ෂකයන් 7,419ක් සිටින බවත්, සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 11,795ක් සිටින බවත් ය.

එසේම විද්‍යාව සහ ගණිතය විෂයන් සමත් ප්‍රමාණය පසුගිය වසරට සාපේෂ්ව ඉහළ ගොස් ඇති බවත් ඉන් මෙවර 70.1%ක් විද්‍යාව සමත්ව ඇති බවත් ඇය ප්‍රකාශ කළේ පසුගිය වසරේ එය 69.07%ක්ව තිබූ බවත් පෙන්වා දෙමින්.

එසේම ගණිතය විෂය මෙවර 72.03%ක් සමත් වී ඇති අතර එය ඉකුත් වසරේ එය 71.06%ක තිබූ බවත් ඇය පැවසුවා.  

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි - ඔබේ ප්‍රතිඵලය දැන්ම මෙතැනින් බලන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි - ඔබේ ප්‍රතිඵලය දැන්ම මෙතැනින් බලන්න

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,