ඇමෙරිකාවෙන් දකුණු අප්‍රිකාවට දරුණු පහරක් - HIV මර්දන අරමුදල් සේරම එකපාරටම අත්හිටුවයි

Report

දකුණු අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා ලබාදෙන මූල්‍ය ආධාර අත්හිටුවීමට අමෙරිකාව තීරණය කර තිබේ.

HIV වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් මිලියන 8කට අධික සංඛ්‍යාවක් වාර්තා වන දකුණු අප්‍රිකාව, ලොව වැඩිම HIV ව්‍යාප්තියක් සහිත රටක් ලෙස සැලකේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, දකුණු අප්‍රිකාවේ සුළුතර සුදු ජාතික අප්‍රිකානර් ප්‍රජාවගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට එරට රජය අපොහොසත් වී ඇති බවට අමෙරිකාව පළ කරන චෝදනා මෙම තීරණයට හේතු වී තිබේ.

කෙසේවෙතත්, එම චෝදනා දකුණු අප්‍රිකානු රජය විසින් අවස්ථා කිහිපයකදීම ප්‍රතික්ෂේප කර ඇත.

ලන්ඩනයට උතුරින් මාරක දුම්රිය අනතුරක් - මරණයක් සමඟ 90කට ආසන්න පිරිසකට තුවාල

ලන්ඩනයට උතුරින් මාරක දුම්රිය අනතුරක් - මරණයක් සමඟ 90කට ආසන්න පිරිසකට තුවාල

දකුණු අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා අමෙරිකාව 2025 වසර දක්වා ජනාධිපති හදිසි සහන අරමුදල (PEPFAR) හරහා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 400කට ආසන්න මුදලක් ලබාදී ඇති බව සඳහන් වේ.

මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයට පත්වීමෙන් අනතුරුව දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් පිරිහී ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.