"සලේගේ දුරකථන සාක්ෂි සුරැකීම ඔහුගේ ජීවිතය ආරක්ෂා කරනවා වගේ වැඩක්" - උදය ගම්මන්පිල [VIDEO]

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ නිර්දෝෂීභාවය සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ඔහුගේ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය තුළ පවතින්නේ නම්, එම සාක්ෂි සුරක්ෂිත කිරීම ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීම හා සමාන අයිතියක් බව හිටපු අමාත්‍යවරයෙකු සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මහතා සඳහන් කළේ, සලේ මහතාට එරෙහිව පවතින චෝදනා ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය සාක්ෂි ඔහුගේ ඉලෙක්ට්‍රොනික උපාංග තුළ ගබඩා වී තිබිය හැකි බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සලේ මහතා 'මහ මොළකරු' ලෙස හඳුන්වාදීමට ආණ්ඩුව උත්සාහ කරන බවට තමන් විශ්වාස කරන අතර, එම උත්සාහය අභියෝගයට ලක් කළ හැක්කේ එම උපාංගවල ඇති බව කියන සාක්ෂි මගින් පමණක් විය හැකි බවයි.

ලංකාවම හෙල්ලෙන ඇත්තක් UNPයෙන් එළියට - පාස්කු ප්‍රහාර වාර්තාව FBI අතට - ට්‍රම්ප් රනිල් අතර දුරකථන සංවාදයක්

ලංකාවම හෙල්ලෙන ඇත්තක් UNPයෙන් එළියට - පාස්කු ප්‍රහාර වාර්තාව FBI අතට - ට්‍රම්ප් රනිල් අතර දුරකථන සංවාදයක්

ගම්මන්පිල මහතා අවධාරණය කළේ, ලෝකය පුරා පිළිගත් නීතිමය මූලධර්ම අනුව කිසිදු සැකකරුවෙකු තමන්ට එරෙහිව සිදුකරන විමර්ශනයකට සහය දීමට බැඳී නොමැති බවයි.

”යම් සැකකරුවෙකු තමන්ට එරෙහිව පවතින විමර්ශනයට සහය දෙන්නේ නැත්නම්, ඔහුගේ සහය බලහත්කාරයෙන්, බලපෑම් කිරීමෙන් ලබාගන්න බැහැයි කියන එකත් ඉතා පැහැදිලිව ලෝකය පුරාම පිළිගත් නීතිමය මූලධර්මයක්. මෙන්න මේ කාරණා දෙකම අපේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් වෙනවා.

මොකක්ද කාරණය? එකක්, යම් විමර්ශනයක සැකකරුවෙකු තමන්ට එරෙහිව පවතින විමර්ශනයට සහය නොදී සිටීමට අයිතියක් ඇත. යම් සැකකරුවෙක් ඒ විමර්ශනයට සහය නොදී සිටිනවා නම්, ඔහුට සහය දෙන මෙන් බල කරන්න, බලපෑම් කරන්න කිසිවෙකුට අයිතියක් නැත. අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් වෙන, ඒ වගේම ලෝකය පුරාම පිළිගත්ත විශ්වීය නීතිමය මූලධර්මයක් ඒක.  

ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් රිමාන්ඩ්

ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් රිමාන්ඩ්

එතකොට මේ රහස් පොලීසියේ නිලධාරීනුත්, ඒ වගේම ආණ්ඩුවේත්, විපක්ෂයේ සමහර දේශපාලකයෙකුත් සලේ මහතා විසින් මේ මුරපදය පොලීසියට ලබාදිය යුතු යැයි බලපෑම් කිරීම අපරාධ නඩු විධාන සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. එහෙම තමන්ට එරෙහිව කරන විමර්ශනයකට සහය දෙන්නැයි කියලා බලපෑම් කරන්න මේ සලේ මැතිතුමාට විතරක් නෙවෙයි, ඕනෑම දරුණු ගණයේ අපරාධකරුවෙකුටවත් එවැනි බලපෑම් කරන්න කාටවත්ම අයිතියක් නැහැ”


ළමයි දක්ෂ - අදක්ෂ කියලා බෙදන්න බෑ: හැමෝටම තැනක් දෙන නව අධ්‍යාපන විප්ලවය ගැන අගමැතිනියගේ පොරොන්දුව

ළමයි දක්ෂ - අදක්ෂ කියලා බෙදන්න බෑ: හැමෝටම තැනක් දෙන නව අධ්‍යාපන විප්ලවය ගැන අගමැතිනියගේ පොරොන්දුව