ජලාශවල ජල මට්ටම ඉහළට.

Sri Lanka Weather
By Hashini Oct 18, 2023 05:35 AM GMT
Hashini

Hashini

Report

වර්ෂාවත් සමඟ මහවැලි ජලාශවල ජල මට්ටම 46%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොත්මලේ ජලාශයේ ධාරිතාව 77%ක් දක්වාත් වික්ටෝරියා ජලාශයේ ධාරිතාව 44%ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ නිලන්ත ධනපාල පවසනවා.

මේ වන විට මහා කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ ජලය නිකුත් කිරීමේ කටයුතු ලබන මස පළමුවැනිදායින් අවසන් වන බැවින් නියමිත කාලය අනුව වගාව ආරම්භ කරන ලෙසයි. 

ReeCha