පැය 10ක ජල කප්පාදුවක් - ප්‍රදේශ මෙන්න..

Sri Lanka Water Cut Water Board
By Sithumi Dec 08, 2022 01:36 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා(10) ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

අනිද්දා පෙරවරු 10 සිට එදිනම රාත්‍රී 08 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

ඒ අනුව ජල සැපයුම තාවකාලිකව අත්හිටවනු ලබන්නේ, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා ප්‍රදේශ හා රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha