මොකෝ හදිස්සිය අපි පොරොන්දු දුන්නේ අවුරුදු පහකට ඒවා ඉටු කරන්න තව කල් තියෙනවා - චතුරංග

Report

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් තම ආණ්ඩුවට මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට වුවමනා තරම් කාලය ඇති බව ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු වැඩ්දුරටත් පවසා ඇත්තේ,

උඹ මධු මාධවගෙ මල්ලි නෙවෙයි..පපුව කීතූ වෙද්දී කෑගහලා අඬන්න හිතුනා සම්මානේ ගත්ත ධනා ගැන මධුමාධව සංවේදීව කියන කතාව

උඹ මධු මාධවගෙ මල්ලි නෙවෙයි..පපුව කීතූ වෙද්දී කෑගහලා අඬන්න හිතුනා සම්මානේ ගත්ත ධනා ගැන මධුමාධව සංවේදීව කියන කතාව

“විශේෂයෙන්ම ඇමරිකානු බදු සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කරන මතයේ තමයි රජය සිටින්නේ. මේ කලාපයට සාපේක්ෂව අපට අඩු බදු ප්‍රමාණයක් ලැබිලා තිබුණත් එය තව දුරටත් අඩුකර ගැනීම සඳහා සාකච්ඡා සිද්ධ වෙනවා. ඒ සඳහා කණ්ඩායමක් පිටත්ව යාමටත් සූදානම්. ඒ පිළිබඳව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ප්‍රකාශයක් කරලා තිබ්බා. අපි විශ්වාස කරනවා මේ මාසය ඇතුළත රජයක් විදියට උපරිම උත්සාහය ගනීවි මේ සාකච්ඡාවල උපරිම ප්‍රතිඵල ලබාගන්න.

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මොකද අපෙ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගෙන වෙළඳාම සහ ආයෝජන පිළිබඳ මේ සාකච්ඡා තීව්‍ර වෙයි කියන බලාපොරොත්තුව අපට තියෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපේ පිටු දෙසීය ගාණකින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශයක්. ඒ නිසා කෙනෙක්ට තෝරාගත්, ඔවුන්ට කැමති දේවල් පමණක් ලඝූ කරමින් ඕනෙම ඉන්ඩෙක්ස් එකක් හදන්න පුළුවන්. හැබැයි ජාතික ජන බලවේගය ජනතාවට ලබාදුන්නේ වසර පහක පොරොන්දු. ඉතින් ඒ වසර පහක පොරොන්දු ඉටුකරගැනීමට අපට තවත් ඇති තරම් කාලය තියෙනවා. ඒ සඳහා ජනාධිපතිතුමා ඇතුළු රජය ඇප කැප වී සිටින බව තමයි අපට කියන්න පුළුවන්.” යනුවෙන්.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලෙස බව සඳහන්.

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ