කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කප්පාදුවක් පැනවේ.

Colombo Water
By Thaya Mar 20, 2021 07:30 PM GMT
Report

ඉරිදා (21) උදේ 09.00 සිට කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 15 ක ජල කප්පාදුවක් පැනවීමට නියමිතය. මෙම කාලය තුළ කොළඹ 01, 03, 09, 14 සහ කෙසෙල් වත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අඩාල වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ 02, 07,08 සහ 10 යන ප්‍රදේශවල අඩු පීඩනයකින් ජලය සැපයෙන බව මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.