අද කැපෙන ජල කප්පාදුව - ප්‍රදේශත් සමගින් සම්පූර්ණ විස්තරය මෙතනින්.
By krishani

අද (24) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.
ඒ නිවේදනයක් ද නිකුත් කරමින් ය.
ඒ, අනුව කොළඹ 11, 12, 13, 14, හා 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.
අද පස්වරු 5.00 සිට හෙට (25) පෙරවරු 9.00 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
කෙසේ වෙතත්, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි.