ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

Colombo Water Cut Water Board Water
By krishani Oct 15, 2022 02:53 AM GMT
krishani

krishani

Report

අද (15) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට (16) පෙරවරු 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ ය.

කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශ සඳහා අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවයි.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ කටයුතුක්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha