අද එකදිගට පැය 10ක් ජල සැපයුම අත්හිටුවයි..එම ප්‍රදේශ සියල්ල මෙන්න.
By Aruna
මාතර මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ උයන්වත්ත පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(31) පෙරවරු 09.00 සිට පස්වරු 07.00 දක්වා පැය 10ක් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසනවා.
ඒ අනුව මැදවත්ත, රස්සන්දෙනිය, කැකනදුර,වෙහෙරහේන,කොටුව,නාවිමන යටියන මාර්ගයේ කුඹල්ගම දක්වාත් ,දෙවිනුවර, ගන්දර,තල්පාවිල,කන්දගොඩැල්ල, පානාර සහ නිල්ල වැව යන ප්‍රදේශ වලට ජල කප්පාදුව සිදුවන බවයි දැනුම්දී ඇත්තේ.
වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකි බව ද දන්වා ඇත.