නොයිඩාවේ බිහිසුණු ගින්නෙන් ජීවිත අළු වෙද්දී පවුල් 50ක් දිවි බේරාගත් මෙහෙයුම

By Malith Madushan Jul 15, 2026 09:42 AM GMT
Report

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නොයිඩා නගරයේ පිහිටි මහල් හතරක නේවාසික ගොඩනැගිල්ලක බදාදා හටගත් දැවැන්ත ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර, එහි සිරවී සිටි පවුල් 50කට ආසන්න පිරිසක් ආරක්ෂිතව මුදා ගැනීමට ගිනි නිවන අංශ සමත් වී තිබේ.

ගින්න නොයිඩා Phase-3 පොලිස් බලප්‍රදේශයට අයත් මමුරා ගම්මානයේ පිහිටි ගොඩනැගිල්ලක හටගෙන ඇත. මූලික විමර්ශනවලට අනුව, ආරෝපණය කරමින් තිබූ විදුලි වාහනයක ඇති වූ දෝෂයක් හේතුවෙන් ගින්න ආරම්භ වී පසුව අසල නවතා තිබූ ඉන්ධන භාවිත කරන වාහන වෙතද පැතිර ගොස් ඇති බවට සැක පළ කෙරේ.

සිද්ධිය වාර්තා වීමත් සමඟ ගිනි නිවන දෙපාර්තමේන්තුව ගිනි නිවන රථ හතක්, හයිඩ්‍රොලික් වේදිකා සහ විශේෂ ගලවා ගැනීමේ රථ යොදවා ගින්න මැඩපැවැත්වීමේ සහ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළේය.

බහරේනයට ගිනි තියමින් ඉරානයේ දැවැන්ත පළිගැනීම අරඹයි - ඇමරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය විනාශ කරයි

බහරේනයට ගිනි තියමින් ඉරානයේ දැවැන්ත පළිගැනීම අරඹයි - ඇමරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය විනාශ කරයි

ගෞතම් බුද්ධ නගර් ඒකාබද්ධ පොලිස් කොමසාරිස් රාජීව් නාරායන් මහතා සඳහන් කළේ ගොඩනැගිල්ලේ සිටි සියලු පදිංචිකරුවන් ආරක්ෂිතව ඉවත් කිරීමට හැකි වූ බවයි.

එහෙත් දුම් ආශ්වාස කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගොඩනැගිල්ලේ බිම් මහල වාහන නැවැත්වීම සඳහා වෙන්කර තිබූ අතර, එම ප්‍රදේශයෙන් නිකුත් වූ ඝන දුම ඉහළ මහල් වෙත පැතිර යාම නිසා පදිංචිකරුවන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු කර නොමැති අතර, ඉන්දීය බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

කෘත්‍රිම බුද්ධිය සහ මිනිසාගේ හෙට දවස තීරණය කරන දැවැන්ත සමුළුව චීනයේදී

කෘත්‍රිම බුද්ධිය සහ මිනිසාගේ හෙට දවස තීරණය කරන දැවැන්ත සමුළුව චීනයේදී