පොල්ලකින් පහර දී සිදු කළ කුරිරු ඝාතනයක් තවත් පෙදෙසකින්..

MURDER WATAVALA MAWNJEEN WOMAN
By Sewvandhi Nov 05, 2021 02:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වටවල පොලිස් වසමේ මවුන්ජින් වත්ත ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර පැවති පැරණි ආවුලක් දුරදිග ගොස්, බහින්බස් වීමක් ඇති වී තිබෙනවා.

එය සමථයකට පත් වූ නමුත්, නැවත සන්ධ්‍යා කාලයේ දී එක් පුද්ගලයෙකු බීමතින් පැමිණ යළි ආරවුලක් ඇති කරගෙන ඇති අතර, අදාළ පුදගලයා විසින් කාන්තාවකට පොල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වෙන්නේ.

පහර කෑ කාන්තාව වටවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණා. මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 55ක මවුන්ජින් වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෘත ශරීරය වටවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 27ක මවුන්ජින් වත්තේ පදිංචිකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, වටවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පැවැත්වෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

ReeCha