ශ්‍රී පාදයේ ගිය පිරිසකට වුණ දේ - 6ක් රෝහලේ

Report

ශ්‍රී පාදයේ සංචාරයක් පැමිණි ජර්මන් ජාතිකයෙකුට සහ ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකුට අද (21) දින බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව නල්ලතන්නි පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව 83 හැවිරිදි ජර්මන් ජාතිකයා වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණ එහි සිටි පිරිසක් සමඟ අද (21) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද මළුව දක්වා ගමන් කරන විට ගොලුතැන්න ප්‍රදේශයේදි පස්වරු 2.00ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

අඳාළ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ විදේශිකයා ඇතුලු 06 දෙනාව රතු අම්බලම ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරින් නල්ලතන්නිය වෙත රැගෙන විත් 1990 සුවසැරිය ගිලන්රථය මඟින් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

බඹරු ඇනලා 05ක් රෝහලේ

බඹරු ඇනලා 05ක් රෝහලේ

එමෙන්ම පොලිසිය සඳහන් කළේ තුවාලකරුවන්ගේ තත්වය බරපතළ නොවන බවයි.

කෙසේ වෙතත් පවතින අධික වියළි කාලගුණයත් සමඟ රූස්ස ගස්වල බැද ඇති බඹර කුඩුවල වද කඩා ගැනිමට උකුස්සන් පහර දීම හේතුවෙන් බඹරුන් ඇවිස්සි මෙසේ පහර දෙන බවට පරිසරවේදීන් කියා සිටියි.

92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන ගැන නරක ආරංචියක් - මාස 14ක්..

92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන ගැන නරක ආරංචියක් - මාස 14ක්..

දැක්කොත් වහාම කියන්න - පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

දැක්කොත් වහාම කියන්න - පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්