වසන්ත කරන්නාගොඩගේ පොතටත් එක්සත් රාජධානියෙන් වාරණයක්

Amazon England Latest Headlines Sinhala news Wasantha Karannagoda
By Shehan Sep 02, 2025 01:17 AM GMT
Shehan

Shehan

Report

ලොව විශාලතම මාර්ගගත අලෙවි වේදිකාවක් වන ඇමසන් (Amazon) සමාගමේ එක්සත් රාජධානි ශාඛාව, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ ‘The Turning Point: The Naval Role in Sri Lanka’s War on LTTE Terrorism’ නම් ස්වයං චරිතාපදාන ග්‍රන්ථය එරටදී අලෙවි කිරීම නවතා දැමීමට පියවර ගෙන ඇත.

මෙම තීරණය ගනු ලැබුවේ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (International Truth and Justice Project) විසින් ඇමසන් සමාගමේ රාජ්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට කරන ලද දැනුම්දීමකට ප්‍රතිචාර වශයෙනි

මෙව්වනම් හොද වැඩ - කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සෙට් එක අල්ලපු පොලීසියට උපහාර

මෙව්වනම් හොද වැඩ - කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සෙට් එක අල්ලපු පොලීසියට උපහාර

එහිදී, කරන්නාගොඩ මහතාට එක්සත් රාජධානි රජය විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙම ග්‍රන්ථය අලෙවි කිරීම එරට සම්බාධක නීති උල්ලංඝනය කිරීමක් බව ඔවුන් පෙන්වා දී ඇත.

බ්‍රිතාන්‍ය සම්බාධකවලට යටත් පුද්ගලයකුට රාජකීය මුදල් ඇතුළු සම්පත් ලබා දීම, වසර හතක් දක්වා සිරදඬුවමකට යටත් විය හැකි අපරාධයක් ලෙස එරට නීතියේ සඳහන් වේ.

2020 ගෝලීය මානව හිමිකම් සම්බාධක රෙගුලාසි යටතේ, පසුගිය මාර්තු 24 වන දින බ්‍රිතාන්‍ය රජය විසින් වසන්ත කරන්නාගොඩ ඇතුළු ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුට සම්බාධක පනවන ලදී. 2005-2009 කාලය තුළ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරද්දී, නීතිවිරෝධී ඝාතන ඇතුළු මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවූ බවට එල්ල වන චෝදනා හේතුවෙන් මෙම සම්බාධක පනවා ඇත.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත්තේ බ්‍රිතාන්‍යය පදනම් කරගත් ලොව විශාලතම ඉංග්‍රීසි පොත් ප්‍රකාශන ආයතනයක් වන පෙන්ගුයින් රැන්ඩම් හවුස් ඉන්ඩියා (Penguin Random House India) විසිනි.

ඇමසන් සමාගම විසින් මෙම ග්‍රන්ථය අලෙවියෙන් ඉවත් කර ඇති බව ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතියට ලිඛිතව දැනුම් දී ඇති බව එම ආයතනය පවසයි.

අද ලග්න කිහිපයකගේ අත ඇති මුදල් පවා නැතිවන දිනයකි, පරිස්සම් වෙන්න - මෙන්න අද ලග්න පලාපල

අද ලග්න කිහිපයකගේ අත ඇති මුදල් පවා නැතිවන දිනයකි, පරිස්සම් වෙන්න - මෙන්න අද ලග්න පලාපල

අහුවුණොත් ඉවරයි, මිනී මස් පණපිටින් කන බිහිසුණු පණුවෙක්

අහුවුණොත් ඉවරයි, මිනී මස් පණපිටින් කන බිහිසුණු පණුවෙක්