''ඉතා ආසන්න කාලයේදී තවත් කොරෝනා රැල්ලක්'': මිදෙන හැටි ගැන SLMA ජනපතිට දන්වයි

curfew covid19 Gotabaya Rajapaksha SLMA delta variant
By Sewvandhi Oct 27, 2021 02:09 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට තුළ සංචරණ සීමා ඉවත් කර ඇති තත්ත්වයන් යටතේ තවත් කොරෝනා රැල්ලක් ඉතා ආසන්න කාලයේදී ඇති වීමේ දැඩි අවදානමක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි. එබැවින් මින් පෙර සෑම අවස්ථාවකට ම වඩා මෙම අවස්ථාවේදී කොරෝනා වසංගතය සම්බන්ධයෙන් නීති හා සීමා කිරීම් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් නිශ්චිත පියවර ගැනීම වැදගත් බව දන්වා ඒ සඳහා අනුගමනය කළ යුතු නිර්දේශ කිහිපයක් සහිතව එම සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

අදාළ ලිපිය මගින් එම සංගමය දැනුම් දී ඇත්තේ, යළි කොරෝනා රැල්ලක් ඇති වීම වැළැක්වීමට නම් සංචරණ සීමා ලිහිල් කර ඇති පසුබිමක ජනතාව මුඛ ආවරණ නොපැළඳීම, පොදු ස්ථානවල නිසි ලෙස දූරස්ථභාවය පවත්වාගෙන නොයාම ආදී තත්ත්වයන් පාලනය කිරීම සඳහා ඉතා දැඩි අධීක්ෂණයක් පවත්වාගෙන යා යුතු බවය.

තව ද වයස අවුරදු 60ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තීකරණ ඌණතා සහිත අවුරුදු 60ට වැඩි රෝගීන් සහ සියලු ම සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ට ෆයිසර් එන්නතෙහි තුන් වන මාත්‍රාව ප්‍රමාද නොවී ලබා දිය යුතු බව ද ඔවුන් සඳහන් කර තිබේ. සංවෘත ස්ථානවල පැවැත්වෙන විවාහ උත්සව, ඇාගමික උත්සව, අවමංගල්‍ය උත්සව, සංගීත සංදර්ශන, සමාජ ශාලාවල රැස්වීම් ආදියේ සංඛ්‍යාව සීමා කරමින් පොදු උත්සව සඳහා වන රෙගුලාසි සම්පූර්ණයෙන් ලිහිල් කිරීම තවත් කාලයකට සීමා කළ යුතු බව ද ඔවුන් අවධාරණය කර ඇත‍.

එමෙන් ම ආසාදනවල වැඩිවීමක් කලින් හඳුනාගැනීම සඳහා කොවිඩ්-19 පරීක්ෂණ ශක්තිමත් ආකාරයෙන් පවත්වාගෙන යාම සහ 'උග්‍ර ශ්වසන කලාප ආසාදන නිරික්ෂණ පද්ධති' ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අදාළ ලිපිය මගින් එම සංගමය නිරදේශ කර තිබේ‍. අදාළ නිර්දේශ අනුගමනය කරමින් කටයුතු තළහොත් යළි කොරෝනා රැල්ලක් ඇතිවීම වළක්වා ගත හැකි වනු ඇති බවත් එසේ නොවුවහොත් එය රටේ ආර්ථිකයට දරාගත නොහැකි වනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.