රටේ හැමතැනම මිනිස්සු මැරෙනවා... ජනාධිපතිතුමාට කියන්න කෙනෙක් නෑ.. දැඩි අනතුරු ඇඟවීමක්

covid19 infections quarantine delta variety udara sampath
By Sithumi Aug 17, 2021 02:22 PM GMT
Sithumi

Sithumi

Report

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිත මරණ සිදුවන ආකාරය සම්බන්ධයෙන් සංවේදී සිදුවීමක් මාධ්‍යයට කියා සිටියේය. මේ ඒ පිළිබඳ අදහස් දැක්වු වෛද්‍යවරයා,

"කරාපිටිය රෝහලේ පාන්දර පුද්ගලයෙක් රෝද පුටුවක අයිතිකාරයෙක් නැතුව පැය භාගයක් හති හලලා මැරෙනවා. කවුරුවත් ළංවෙන්නේ නෑ හොයලා බලන්න. ඒ් නිසා මේ විදියට රටේ හැමතැනම මිනිස්සු මැරෙනවා. ජනාධිපතිතුමාට කියන්න කෙනෙක් නෑ. ඔත්තු සේවය දාලා හොයලා බලන්න. වෛද්‍යවරු බයේ හැංගිලා ඉන්නවා මේක ෆොන් එකකින්වත් ගහලා දාන්නේ නෑ. ඒ් නිසා තව දුරටත් කට වහගෙන ඉන්න බෑ. මගේ වෛද්‍ය වෘත්තියවත් අනිත් ඒවාවත් මට වැඩක් නෑ. අද උදේ මං මෝචරිය ගාවින් යනකොට හැමදාම මිනිස්සු මැරෙනවා. මැරි මැරි වලලනවා. මේක පේන්නේ නැද්ද ? මම කතා කරන්නේ දත්ත එක්ක. වහාම අපේ රටේ මිනිස්සු මැරෙන එක නවත්වන්න."

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ, දිනකට 20ක් වගේ ජාතික රෝහලේ ද මියයන බවය. "කළුබෝවිල, කරාපිටිය, රාගම, රත්නපුර ගත්තත් මිනිස්සු විශාල වශයෙන් මියයනවා. මිනිස්සුන්ට ඉන්න තැනක් නෑ. ඇඳන් යට, පැඳුරුවල, පුටුවල වාඩි වෙලා ඉන්න තත්ත්වයකට පත්වෙලා."

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටියේ, ජාතික රෝහල කොවිඩ් රෝහලක් බවට පත්කර ගැනීමෙන් ව්‍යවසනකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවය.

  - - - - - - - - - - - - - - - - - - - - -- - - - -

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now