වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..! (VIDEO)

covid19 vaccination quarantine travel restriction dr Asela Gunawardhana
By Sewvandhi Oct 18, 2021 10:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචරණ සීමා උල්ලංඝනය කරමින් සෞඛ්‍ය නීති අනුගමනය නොකර සංචාරයේ නිරතවීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

බදුල්ලේදී අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය. ප්‍රශ්නය - ඊයේ පෙරේදා අපි දැක්කා නුවරඑළිය, ඇල්ල පැත්තේ විශාල ජනතාවක් ඇවිල්ලා ඉන්නවා.

"තාමත් අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කරලා නැහැ. මම දන්නේ නෑ කොයි විදියට ඒ අය ආවද කියලා. අපි මීට කලිනුත් දීර්ඝ සති අන්තය පටන්ගන්න කලිනුත් ආයචනයක් කළා. තවදුරටත් අන්තර් පළාත් සංචාරයේ යෙදීම තාවකාලිකව රට ගැන හිතලා, තමන්ගේ දරුවන් ගැන හිතලා මේක නවත්නවන්න කියලා. තවමත් රෝගීන් 600ක් පමණ වාර්තා වෙනවා.

අපි මේ විදියට ම දැක්කා අලුත් අවුරුද්දටත් රෝගීන් වාර්තා වීම අඩුවෙලා අලුත් අවුරුද්දෙන් පස්සේ හැමතැනම ට්‍රිප් ගිහින් ආපු රෝගීන්. ඒ නිසා ඒ ගැන හිතලා තමයි අපි ඇත්තටම ඉල්ලුවේ. ඉන්ජක්ෂන් එක ගැහුවත් අපේ සෞඛ්‍ය පිළිවෙත් අනිවාර්යයෙන් අනුගමනය කළ යුතුමයි. මුඛ ආවරණය ගලවලා අපිට රිසිසේ ඇවිදින්න පුළුවන් කමක් නෑ.

සෙනඟ ගැවසෙන ස්ථානවලට යන්න එපා කියලා තියෙනවා. අවම වශයෙන් යන්න. තමන්ගේ දේකට වුණත් අත්‍යාවශ්‍ය දේකට හැර නිවසින් බැහැර වෙන්න එපා කියලා තියෙන්නේ. නැවතවරක් රෝගීන් වාර්තා වීම වැඩිවීමට රුකුල් දෙන දෙයක්. වගකීමෙන් කටයුතු කරන්න කියන එකයි අපි ඉල්ලන්නේ. අවම වශයෙන් මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනතුරුවත් අපි මේ සීමාවන් එක්ක කටයුතු කළ යුතුයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now