"මළ දරු උපත් සහ ගබ්සාවන්" ගර්භණී මව්වරුන්ට දැඩි අනතුරු ඇඟවීමක්..!

Report

ඉන්දියාවේ සිදුකළ නවතම පර්යේෂණයකදී, අධික උණුසුම් කාලගුණ තත්ත්වය යටතේ රැකියාවල නිරතවන ගැබිණි කාන්තාවන් මළදරුවන් බිහිකිරීමේ හා ගබ්සාවන්ට මුහුණදීමේ වැඩි අවදානමක් ඇති බව අනාවරණ වී තිබේ.

මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ, චෙන්නායිහි උසස් අධ්‍යාපන ආයතනයක්, 2017 වසරේ සිට මේ දක්වා කාලය තුළ, දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ උණුසුම් පාරිසරික තත්ත්වයන් යටතේ රැකියා කරන ගැබිණි කාන්තාවන් 800ක් ‍යොදාගෙනය.

එම කාන්තාවන් කෘෂිකාර්මික, ගඩොල් නිෂ්පාදන සහ ලුණු නිෂ්පාදන ක්ෂේත්‍රවල රැකියාවල නිරත වූවන්ය.

මෙම කාන්තාවන් අතරින් සියයට 5ක් ගබ්සාවන්ට මුහුණ දී ඇති අතර, මළදරු උපත් සහ නොමේරූ දරු උපත් සියයට 6.1ක් ලෙසද වාර්තාවී තිබේ.