රට ලොක්ඩවුන් කිරීම වළක්වා ගැනීම ජනතාව සතු වගකීමක්(VIDEO)

covid19 lock down Hemantha herath delta variety Dr.Susi perera
By Sewvandhi Jun 25, 2021 10:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නැවතත් රට ලොක්ඩවුන් කිරීම වළක්වා ගැනීමට නම් ලිහිල් කර තිබෙන සංචරණ සීමා තුළ ජනතාව වගකීමෙන් කටයුතු කළයුතු බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය සඳහන් කළාය. අද (25) පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය,

"අපේ දැනට තියෙන කොවිඩ් ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සියයට 60කින් 70වකින් වගේ වැඩියි. ඒ නිසා නැවත රට ලොක්ඩවුන් එකකට යෑම වළක්වා ගත හැකි වන්නේ මේ ලිහිල් කිරීම තුළ වගකීමෙන් කටයුතු කළොත් පමණයි."

මේ අතර ඊට එක්ව සිටි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ,

"මේ වෙනකම් අපි සමාජයෙන් සොයා ගත්තු කොවිඩ් ප්‍රභේද කිසිවක් අපි ක්‍රියාත්මක කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ පරයා පැතිරීමට හැකියාවක් ලැබිලා නෑ. සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කරලා නෑ. ඒ නිසා දීලා තියෙන මාර්ගෝපදේශවලට අනුගතව කටයුතු කිරීම වැදගත්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now