පශ්චාත් කොවිඩ් ආසාදිත සමය ගැන වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්

covid19 infection vaccination hemantha herath channa jayasumana
By Sewvandhi Oct 16, 2021 04:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා ආසාදනය වී සුවය ලැබීමෙන් අනතුරුව කිසියම් රෝගී ලක්ෂණයක් මතු වන්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

එසේම ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 666 දෙනෙකු හඳුනා ගැණුනු අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 530,421ක්. ඊයේ තවත් කොරෝනා මරණ 20ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 13,449 දක්වා ඉහළ ගියා.

මේ අතර 2001 වසරේ ඔක්තෝම්බර් 16 සිට 2003 වසරේ ඔක්තෝම්බර් 15 දක්වා උපත ලද බස්නාහිර පළාතේ පාසල් වල ඉගෙනුම ලබන සිසුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කොළඹ පාසල් 28ක සිසුන් එන්නත්කරණයට ලක්කිරීමට කටයුතු කරමින් සිටින බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි ප්‍රකාශ කළේ.

ඒ අනුව රජයේ පාසල් 14ක් සහ ජාත්‍යන්තර පාසල් 14ක සිසුන්ට මෙලෙස එන්නත් ලබා දීමට කටයුතු කර ඇති අතර, එන්නත් ලබාදීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 4,000ක් බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කොරෝනා ආසාදනය වී සුවය ලැබීමෙන් අනතුරුව කිසියම් රෝගී ලක්ෂණයක් මතු වන්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.

මේ අතර, ශ්‍රී ලාංකිකයින් කෝටියකට ඊයේ පස්වරුව වනවිට සයිනොෆාම් කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now