සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙන ළමා ඖෂධ කිසිවක් දරුවන්ට දෙන්න එපා..දැඩි අනතුරු ඇඟවීමක්..!!

covid19 medicine vaccination deepal perera channa de silva
By Sewvandhi Aug 24, 2021 09:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කෝවිඩ් වෛරසයේ අධි ව්‍යාප්තියත් සමඟ ළමයින් එම රෝගී තත්ත්වයට ගොදුරු වීමේ අවදානම වැඩි වී ඇති බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා. එ

බැවින් රෝග ලක්ෂණ පෙන්වන මුල් අවස්ථාවේදී ම දරුවන් පළපුරුදු වෛද්‍යවරයකු වෙත යොමුකර, ඔහුගේ උපදෙස් අනුව රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දීම වඩාත් ඥාණාන්විත බවයි ඔහු පෙන්වා දෙන්නේ. අද පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ළමා රෝහල තුළ කිසිදු ඔක්සිජන් හිඟයක් නැති බවයි.

එමෙන්ම, දරුවන් නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමේ වැඩකටයුතු ද ඉතා සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා. සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කෙරෙන ඖෂධ කිසිදු අවස්ථාවක දරුවන්ට ලබාදීම සුදුසු ක්‍රියාවක් නො වන බවට ඔහු අවධාරණය කරනවා.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ, වෛද්‍යවරයකුගේ නිසි උපදේශයකින් තොර ව කිසිදු අවස්තාවක දරුවන්ට ඖෂධ ලබාදීම සිදු නො කළ යුතු බවට යි. ඔහු වැඩි වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාවේ කළු දිලීර රෝගය ව්‍යාප්ත වීමට මෙම අනවශ්‍ය ඖෂධ ලබාදීම ප්‍රධාන හේතුවක් වූ බවයි.

එමෙන්ම දරුවන්ට අනවශ්‍ය ලෙස විටමින් ලබා දීම ද නො කරන ලෙස උපදෙස් දෙන විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ රෝගී දරුවෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට කිසිසේත් බිය විය යුතු නැති බවයි.

කෙසේ වෙතත් පවතින අධික තදබදය නිසා ප්‍රතිකාර අත්‍යවශ්‍ය දරුවන් පමණක් එලෙස රෝහලට ඇතුළත් කරන ලෙසත් ඔහු වැඩි වැඩිදුරටත් ඉල්ලා සිටියා.

එමෙන්ම ,දරුවන්ට කොවිඩ් රෝගය වැළඳීමේ උපරිම ධාරිතාවකට පැමිණ ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසයි.  කොවිඩ් -19 ආසාදිත දරුවන් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බවය. දරුවන් මේ දිනවල සමාජයට රැගෙන නොයන ලෙස දෙමව්පියන්ට දැනුම්දෙන වෛද්‍යවරයා ප්‍රකාශ කළේ දෙමව්පියන් අනවශ්‍ය බියක් ඇතිකර නොගෙන රෝගී දරුවන් සම්බන්ධයෙන් සායනික කටයුතුවලට සහභාගි විය යුතු බවය.

"කුඩා දරුවන්ට මේ සම්බන්ධ අවදානමේ යම්කිසි උපරිම අවස්ථාවකට මේ අවස්ථාවේ දී ඇතිවෙලා තියෙනවා. එම නිසා දරුවන් ගැන වැඩිපුර අවදානය කරන්න සහ දරුවන් ට මේ රෝගය වැලඳීම වැළැක්වීමට දෙමාපියන් සහ වැඩිහිටියන් වශයෙන් අපේ යුතුකම ඉතා හොඳින්ම අවශ්‍ය අවස්ථාවක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ. මේ රෝග තත්ත්වය විශාල වශයෙන් පැතිර යනකොට ප්‍රතිශතය අඩුවුණත් සංඛ්‍යාව වැඩිවීම නිසා දරුවන් තුළත් සංකූලතා ඇති දරුවන් බහුලව දක්නට ලැබෙන්න පුළුවන්. මේ දිනවල දරුවන් නිවස තුළමයි සිටින්නේ. ඔවුන්ව අනවශ්‍ය ලෙස සමාජයට රැගෙන යෑම සහ රෝගය සහිත පුද්ගලයින්ට නොදැනුවත්වම පිටත සමාජයේදී නිරාවරණය වීම වැළැක්වීම දෙමාපියන්ගේ ඉතා විශාල වගකීමක් හා යුතුකමක්."

මේ අතර අවුරුදු දෙකට වැඩි කොවිඩ් ආසාදිත දරුවන් රෝග ලක්ෂණ නොමැති නම් නිවසේ දීම රැකබලාගත යුතු බව ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

"පළමු මාස 6ක් ඇතුළත දරුවා ඉන්නවා නම් කොහොමත් මව්කිරි ලබාදිය යුතුයි. අපි අවුරුදු 2කට අඩු ළමයින්ව රෝහලට ඇතුළත් කර ගන්නවා. නමුත් ඉස්සරහට රෝග ලක්ෂණ නැති වුණොත් දෙමාපියන්ට රෝගය තිබුණත් මව්කිරි ලබාදීම දිගටම ලබාදිය යුතුයි. දෙමාපියන් බය වෙනවා උණ තියෙන දරුවන්ට ෆිට් එක හැදෙයි කියලා. එහෙම බය වෙලා පැරසිටිමෝල් අනවශ්‍ය විදියට ලබාදෙන්න සුදානම් වෙනවා. ඒ වගේ දේවල් හොඳ නෑ. කිලෝ ග්‍රෑම් 1කට මිලිග්‍රෑම් 15ක් වන සේ දවසට උපරිම විදියට 4 සැරයක් පමණක් ලබාදිය යුතුයි. එයට වැඩිය පැරසිටිමෝල් ලබාදුන්නොත් අක්මාවට හානිවෙන්න පුළුවන්. ගෙදර දී දරුවා බලාගන්නා වෙලාවේ දී දරුවන්ට ආරක්ෂාව, විවේකය හා පෝෂ්‍යදායි ආහාරවේලක් ලබාදිය යුතුයි."

දරුවන්ට වැළදෙන උණ සහ වලිප්පුව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද වෛද්‍යවරයා පැහැදිලි කළේය. " උණයි වලිප්පුවයි කියන එක ළමයින්ගේ රෝගයක්. එයින් දරුවන්ගේ මොළයට හානියක් සිදුවන්නේ නෑ. නමුත් උණ නැතුව වලිප්පුව හැදෙනවා නම් එය ප්‍රශ්නයක්. එහෙම අයට අපි වලිප්පුවට දෙන ප්‍රතිකාර ක්‍රියාත්මක කරන්න ඕනේ. ළමා හතිය තියෙනවා නම් එයට නිසිලෙස ප්‍රතිකාර කළ යුතුයි. කාලයක් තිස්සේ ළමයින්ට තියෙන අනෙක් රෝග හෘද වස්තුවේ ආබාධ, වකුගඩුවේ ආබාධ, අක්මාවේ ආබාධ ඇති දරුවන්ට ප්‍රතිකාර දිගටම කළ යුතුයි. එවැනි දරුවන්ට කොවිඩ් හැදුනොත් බරපතළ වෙන්න පුළුවන්. උණයි ෆිට් එකයි කියන එකට බය වෙන්න එපා. සාමාන්‍යයෙන් අවුරුදු 6 පැන්නට පස්සේ ෆිට් එක නවතිනවා. උණ සහ වලිප්පුව හැදුනොත් පැත්තකට හරවලා තියන්න. විනාඩි 5කට වැඩිය තිබුණොත් ළඟම රෝහලක් වෙත ගෙනියන්න. උණ තියෙන දරුවෝ අයිස් හෝ ඇල්වතුරෙන් හෝදන්න එපා. අපි කළ යුත්තේ ළා උණු වතුරෙන් දරුවා සේදීමයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now