වන්නිලා ඇත්තෝ හිටපු ජනපති ගැන කළ ප්‍රකාශය..

Sri Lanka Easter Attack Sri Lanka
By Sithumi Jan 15, 2023 03:27 PM GMT
Sithumi

Sithumi

Report

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි නඩු තීන්දුව මේ රට පාලනය කිරීමට පත්වෙන සියලු නායකයින්ට ආදර්ශයක් වන බව දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසනවා.

අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දඹාන ආදිවාසි නායකයා ඒ බව සඳහන් කළා ඔහුගේ ප්‍රකාශය පහතින්


 
"රටේ නීතිය මුල් පුරවැසියාටත්, දුප්පතා සහ පොහොසතාටත් එක හා සමානයි. ඒ හින්දා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබු මිනිස්සුන්ට සාධාරණයක් ඉටුවීම හොඳ දෙයක්. නායකයෙකුට තියෙන්නේ පොඩි වගකීමක් නොවෙයි.

රටෙයි, ජනතාවගෙයි වගකීම තියෙන්නේ නායකයා සතුවයි. ඔහුට මරණාධාර සමිතියක නායකයෙක් වගේ කටයුතු කරන්න බැහැ. ඉතින් මේ තීරණය ඉදිරි කාලයේ මේ රට පාලනය කරන්න පත්වෙන නායකයින්ට ආදර්ශයක්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now