වැල්ලවාය අයිස්පීල්ල රක්ෂිතයේ ගින්නක්,අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශයි
Sri Lanka
Fire
Wildfire
By Sithumi
වැල්ලවාය අයිස්පීල්ල රක්ෂිතයේ ගින්නක්,අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශයි වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් අයිස්පීල්ල කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ දී විශාල ගින්නක් හටගෙන තිබෙනවා
එම ගින්න ඊයේ රාත්‍රි කාලය පුරාවටම රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති අතර ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර අද (28) උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා.
ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇති අතර මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට පවතින වියලි කාලගුණය සමග මෙවැනි රක්ෂිත ගිනිගැනීම් කිහිපයක් ම දින කිහිපයක් තුල වාර්තා වුණා.