වීථිවල සුනඛයින් ඇවිද්දවීම සපුරා තහනම්

Law and Order Sinhala news
By Mithu Jun 09, 2025 04:42 PM GMT
Mithu

Mithu

Report

ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල සුනඛයින් ඇවිද්දවීම තහනම් කරමින් පැනවූ වාරණය දීර්ඝ කර තිබේ. ටෙහෙරාන් අගනුවර සුනඛයින් ඇවිද්දවීම තහනම් කළේ 2019 වසරේ නිකුත් කළ පොලිස් නියෝගයක් යටතේය.

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

එම වාරණය තවත් ප්‍රධාන නගර 18කට ව්‍යාප්ත කිරීමට රජය පසුගිය සතියේ කටයුතු කළේය. ඒ යටතේ සුනඛයින් රථ වාහනවලින් ප්‍රවාහනය කිරීමත් තහනම් කර තිබේ.

1979 වසරේ පත්වූ ඉරාන විප්ලවීය රජය යටතේ, සුනඛයින් ඇතිකිරීම හෙලා දැක ඇති අතර, ඒ යටතේ සුනඛයින් අපිරිසිදු බවට ද සඳහන්ය. සුනඛයින් ඇතිකිරීම බටහිර සංස්කෘතියේ අංගයක් බවද එහිදී රජය පවසා තිබුණි.

තව දවස් 26කින් ලෝක විනාශයද? ජපන් බාබා වන්ගාගේ අනාවැකිය (PHOTO)

තව දවස් 26කින් ලෝක විනාශයද? ජපන් බාබා වන්ගාගේ අනාවැකිය (PHOTO)

ReeCha