අපි වෙන්වෙලා අවුරුදු 4ක් වුනාට ඔහුව හෝ ඔහුගේ බිරිඳ හමුවුනත් මම හිනාවෙලා කතා කරනවා-වොල්ගා කල්පනී (PHOTOS )

By Sithumi Aug 18, 2022 04:36 PM GMT
Sithumi

Sithumi

Report

පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියලා කියන්නේ.

ඉතින් මේ දිනවල මානික්කාවත ටෙලිනාට්‍ය හරහා මෙන්ම පාර දිගේ ටෙලිනාට්‍යයේ ටුටූගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. 

 ඉතින් ඇය මුලින්ම කළා ක්ෂේත්‍රයට එකතු වුනේ ජා ඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ නාට්‍යය සංසදයේ වේදිකා නාට්‍ය කරන අතරතුර ප්‍රතිභා නිදර්ශන නවරත්න ඇයව රූපවාහිනි නාළිකාවේ අතුරු මිතුරු ළමා වැඩසටහනට සම්බන්ධ කිරීමත් සමඟ කියලයි ඇය කියන්නේ.

ඉතින් ඊට පස්සේ සිරස ටීවී නාළිකාවේ රන්සිත් යාය, පුංචි සිහින, ස්වාධීන රූපවාහිනි නාළිකාවේ දේදුනු හැන්දෑව, දෙරණ නාළිකාවේ ලිට්ල් ස්ටාර් සීසන් 01 වැඩසටහන්වල ළමා නිවේදිකාවක් විධියටත්, ස්වර්ණවාහිනි නාළිකාවේ ආයුබෝවන් ශ්‍රී ලංකා, හිතට වදින එක වැඩසටහන්වල තරුණ නිවේදිකාවක් විධියටත් ඇය වැඩ කරලා තියනවා. ඉතින් පස්සේ ඇය ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ මුතු පලස ටෙලි නාට්‍යයට මුලින්ම සම්බන්ධ වුණාලු.

ඉතින් ඒ වගේම ලංකාවේ සංස්කෘතියත් සමඟ විවාහය සහ දික්කසාදය පිළිබඳව බොහෝදෙනා විවිධ කතා කියනවා වුනාට විවාහ වෙලා දික්කසාද වෙනවා කියන දේ ඇයට නම් එතරම් ලොකු දෙයක් නොවෙයි කියලයි ඇය කියන්නේ. ඉතින් එයට හේතුව ඔහු සහ ඇය අදටත් මඟතොටේදී හමුවුණත් බොහොම හොඳට කතාබහ කරනවාලු.

ඒ වගේම ඔහුගේ බිරිඳ හමුවුණත් කතා කතාබහ කරනවා කියලයි ඇය කියන්නේ. ඉතින් වන්දි ඉල්ලමින් සාප කරනවා වගේ ප්‍රශ්න ඔවුන් අතර නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය ජීවිතයේ ගත් කිසිදු තීරණයක් සම්බන්ධව මේවනතුරු කිසිදු පසුතැවීමක්, සිත් රිදීමක් හෝ කිසිදු ප්‍රශ්නයක් නැහැ කියලත් ඇය කියනවා. මොකද කාන්තාවන් කියන්නේ ඉතාම ශක්තිමත් හිත හයිය ජාතියක් නිසා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය නීත්‍යනුකූල විවාහය ඇය විශ්වාස කරන්නේ නැහැලු.

ඒ වගේම බොහෝවිට නීත්‍යනුකූල විවාහයකට ඇය නැවත යන එකකුත් නැහැ කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් තව අවුරුදු කිහිපයකින් එය වෙනස් වෙයිද නම් දන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම අද සමාජයේ හොඳින් සතුටින් පවුල් ජීවිත ගත කරන අඹු සැමියන් ඕනෑ තරම් ඉන්නවාලු. නමුත් ඇයගේ නීත්‍යනුකූල සහකරු ඇය සමඟ පමණක් ජීවත් නොවෙනවා නම් ඇයට එහෙම විවාහයක් අවශ්‍ය නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් කොන්දේසි විරහිතව යම් අයකු සමඟ ජීවත් විය හැකි නම් එයයි වැදගත් කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය දැන් දිස්කසාද වෙලා දැන් අවුරුදු 04ක් වනවාලු. ඉතින් ජීවිතයේදී එක් තැනකදි ඇය වෙනුවෙන් කෙනෙක් සිටිය යුතුයි කියලා හිතිලා පොඩි පාළුවක් හිතේ තියෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් එහෙම නෑ කීවොත් ඒක බොරුවක්ලු. ඒ වගේම ඇයගේ ආදරය හැමදාම හදවතේ එක් තැනක තබා තිබෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGallery