ගිනිකන්දක් පිපිරීමෙන් දරුවන් 100කට අධික සංඛ්‍යාවක් අතුරුදන්

Fire Volcanic eroupsion
By Sithumi May 25, 2021 11:36 AM GMT
Sithumi

Sithumi

Report

ගිනිකන්දක් විධාරණයවීමෙන් කොංගෝ රාජ්‍යයේ දරුවන් 100කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

අතුරුදන්ව සිටින දරුවන් සෙවීම සඳහා වහාම මෙහෙයුම් ආරම්භ කළ යුතු බවද යුනිසෙෆ් සංවිධානය පවසා තිබේ. ගිනිකන්ද විධාරණයවීමෙන් නිවාස 500කට අධික සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇති බවද වාර්තා වේ.

කොංගෝ රාජ්‍යයේ නයිරාගොන්ගෝ ගිනිකන්ද එලෙස විධාරණය වී ඇති අතර පුද්ගලයින් 30කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now