දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් 84,000කට වැඩි පිරිසක් පීඩාවට

Report

දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 7ක පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු දැඩි පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පවතින දැඩි පානීය ජල හිඟයට පිළියම් ලෙස දිස්ත්‍රික් 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට අයත් පවුල් 24,144ක පුද්ගලයින් 75,734 දෙනෙකු වෙනුවෙන් බවුසර් මඟින් පානීය ජලය බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී.

අම්බලන්ගොඩ පොලීසියේ සිදුවීමට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්

අම්බලන්ගොඩ පොලීසියේ සිදුවීමට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්

මේ අතර, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කුකුළේගඟ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති අතර, එමඟින් තත්ත්පරයට ඝන මීටර් 20ක ජල ප්‍රමාණයක් කුඩා ගඟට මුදාහරින බව ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේය.

දිනුවා කියලත් කිව්වේ මහත්තයා ඇහුවට පස්සේ.. පස් වතාවක් ලෝක ශූරයා වූ මැග්නස් කාල්සන් පරද්දපු 15 හැවිරිදි පුංචි ශූරයා ලෝකෙම හොල්ලයි

දිනුවා කියලත් කිව්වේ මහත්තයා ඇහුවට පස්සේ.. පස් වතාවක් ලෝක ශූරයා වූ මැග්නස් කාල්සන් පරද්දපු 15 හැවිරිදි පුංචි ශූරයා ලෝකෙම හොල්ලයි