කොළඹ වරායටත් අභියෝගයක්

Report

කොළඹ වරායට අභියෝගයක් එක් කරමින් කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෞතම් අදානි විසින් මෙම වරාය විවෘත කර ඇති බවයි.

මෙය ඉන්දියාවේ පළමු ප්‍රතිනැව්ගතකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස ඉතිහාසයට එක් විය.

ඡන්දෙට අමතර බස් නෑ

ඡන්දෙට අමතර බස් නෑ

දිගු කලක සිට කොළඹ වරාය දකුණු ආසියාවේ ප්‍රාථමික ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානය ලෙස කටයුතු කරයි.

එවන් පසුබිමක ඉන්දියාව මෙම වරාය නිර්මාණය කර තිබෙන්නේ කොළඹ වරාය හරහා දැනට යොමු කරන භාණ්ඩවලින් සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීමට බව සඳහන්.

එසේම මේ හරහා ඩුබායි වරායටද යම් බලපෑමක් එල්ල විය හැකි බව මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා.

දේශබන්දුට තිබෙන තර්ජනය ගැන විමර්ශන ඇරඹේ

දේශබන්දුට තිබෙන තර්ජනය ගැන විමර්ශන ඇරඹේ

මෙම විසිංජාම් වරාය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සංවර්ධනය කර ඇත.

එබැවින් බහාලුම් හැසිරවීමේදී ඉන්දියාව විදේශීය වරායන් මත යැපීම අඩු කරනු ඇති බවටත් තොරතුරු සඳහන් වේ.

තිරුවානන්පුරම් හි පිහිටා ඇති මෙම වරාය නිර්මාණය කර තිබෙන්නේ කලාපීය නැව් මාර්ග නැවත සකස් කිරීමට සහ ඉන්දියාවේ ජාත්‍යන්තර වෙළඳාම ශක්තිමත් කිරීම අරමුණින්.