දේශබන්දුට තිබෙන තර්ජනය ගැන විමර්ශන ඇරඹේ

Report

අද (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ වන විට ධූරයෙහි රාජකාරී කටයුතු ආවරණය කිරීමේ තහනමට ලක්ව ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවට 'ගගන' කරුණු වාර්තා කළා.

දේශබන්දු තෙන්නකෝන්ගේ ජීවිතය අනතුරේ -ජීවත් වීමට පොලිස් සහය පතයි

දේශබන්දු තෙන්නකෝන්ගේ ජීවිතය අනතුරේ -ජීවත් වීමට පොලිස් සහය පතයි

එම සිද්ධියට අදාළව බූස්ස බන්ධනාගාරයේ සිටින සැකකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවෙන් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිගෙන් නියෝගයක් ලබාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ලවිය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඒ මහතාගේ හෝකන්දර පිහිටි නිවසට ගොස් ඔහුට දැනුම් දී තිබෙනවා.

මැයි 03 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන දේ

මැයි 03 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන දේ

එම නිලධාරීන් විසින් වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත්තේ විදෙස්ගතව සැඟව සිටින ප්‍රබල පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් විසින් තෙන්නකෝන් ඝාතනය කරන ලෙසට සිය සමීපතමයන්ට උපදෙස් ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි.