එළඹෙන සතියේ ග්‍රාම නිලධාරීවරුන් කරන්න යන දේ ගැන ඔබ දැනුවත් ද? ..
Government Employee
Sri Lanka
Strike Sri Lanka
By Piyumika
අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසා සිටී.
එම සන්ධානයේ සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ, ඒ අනුව එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දිනයන්හි සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවය.
කෙසේවෙතත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මැතිවරණ කටයුතුවලට බාධාවක් නොවන පරිදි සිදුකරන බව ද එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේය.
