දින තුනක අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙන ග්‍රාම නිලධාරීන් ...
Sri Lanka
President of Sri lanka
Strike Sri Lanka
By Parami Dissanayake
හෙට (14) සිට ලබන 16 වැනිදා දක්වා දින තුනක වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
ඒ සිය ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුම් නොලැබීම හේතුවෙනි.
එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා ඉල්ලා සිටින්නේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙසයි .
එම ඉල්ලීම ඉටු නොකරන්නේ නම්, ලබන 27 වැනිදා ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක් සිදු කරන බව ද හෙතෙම සඳහන් කළේ ය.
