කවුරුත් ආදරේ කරන සුපිරි නළු විජෙයිට මානසික රෝගයක් ? - කොලිවුඩය කළඹමින් එළියට ආ අලුත්ම කතාව මෙන්න..(PHOTOS)

VIJAY ACTER KOLIWOOD MASTER FILM
By Sewvandhi Nov 20, 2021 12:38 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොලිවුඩ් සිනමාවට ආදරේ කරන බොහෝ දෙනෙක්ට "විජේයි" කියන නම හුරු පුරුදු යි. ඔහුගේ අලුත් ම චිත්‍රපටයේ පෝස්ටරය පසුගිය දවසක අන්තර්ජාලයේ කතාබහට ලක්වුණා.

කෙසේ වෙතත්, එම චිත්‍රපටයෙන් අනතුරුව විජෙයිගේ වෙනස්ම තේමාවක් රැගත් චිත්‍රපටයක් පැමිණීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. චිත්‍රපටයේ විජෙයි ඇරෝමැටෝමේනියා නම් මානසික රෝගියෙකු ලෙස රංගනයේ යෙදෙන බවයි සඳහන් වන්නේ.

මෙම රෝගීයා මෙම මානසික රෝගය සමඟ අරගල කරන ආකාරයත්, ඉන් සුවය ලබන ආකාරයත් චිත්‍රපටය තුළ දිග හැරෙන බවට කට කතා පැතිර යනවා. විජෙයිගේ "මාස්ටර්" චිත්‍රපටය ඔහු රඟපෑ චිත්‍රපට අතරින් අවසානයට නිකුත් වූ අතර එය ආදායම් වාර්තා තබමින් ලොව පුරා ප්‍රදර්ශනය වුණා.

එයින් ලද ආදායම කෝටි 200 ඉක්මවා ගිය අතර, විජෙයි එම රංගනය වෙනුවෙන් කෝටි 80ක මුදලක් අය කර තිබෙනවා. රජිනිකාන්තට පසුව වැඩිම මුදලක් අය කරන නළුවා වන්නේ ද විජෙයි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery