ලංකාවට තවත් ඩොලර් මිලියන 200ක ණයක් අනුමතයි.

Report

ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි විශ්වසනීයත්වය ඉහළ නැංවීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීම සඳහා ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් අනුමත කර ඇති බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) අද (25) දින නිවේදනය කළා.

ඒ, අනුව මූල්‍ය තිරසාරභාවය ඉහළ නැංවීම, පිරිවැය ප්‍රතිසාධන ගාස්තු සංශෝධන සහතික කිරීම සහ තරඟකාරී පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීම අරමුණු කරගත් බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමේදී ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය මෙම ව්‍යාපෘතියේ අනුමැතියෙන් පිළිබිඹු වන බවයි ඔවුන් අවධාරණය කර සිටියේ.

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

එමෙන්ම මීට පෙර පසුගිය නොවැම්බර් 19 දින මෙරට මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 200 ක ප්‍රතිපත්තිමය ණය පහසුකමක් ලබා දීමට ද ආසියානු සංවර්ධන බැංකුව සිය අනුමැතිය ලබා දී ඇත. 

නවතම වාර්තාව මෙන්න. - මෙරට වාහන මිල ගණන් ගැන දැනුම්දීමක්. - ලිස්ට් එක මෙන්න.

නවතම වාර්තාව මෙන්න. - මෙරට වාහන මිල ගණන් ගැන දැනුම්දීමක්. - ලිස්ට් එක මෙන්න.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.


You may like this video