අපරාධ කල්ලියක් බලහත්කාරයෙන් රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බේරා ගැනේ..
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසන්නේ, ඔවුන් ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමඟ සම්බන්ධීකරණය කිරීමට නියමිත බවයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ තායිලන්තයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරු මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කර ඇති බව වාර්තා වෙයි.