මංගල පෙරහැර අස්සේ.. මනාලයෙක් හොරෙක් පස්සෙ පන්නලා.. කවුරුත් නොහිතපු දෙයක් වෙලා එතන..

Report

විවාහ මංගල්‍ය උත්සවයකයේදී අශ්වයෙකු පිට නැග මංගල පෙරහරේ ගමන් ගන්නා මනාලයෙක් පැළඳගෙන සිටි මුදල් ඇමිණු මාලයක තිබූ මුදල් ලොරි රථ රියදුරෙකු විසින් කොල්ලකා රැගෙන ගොස් ඇත.

ඒ  ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දී ය.

ඉන්පසු මනාලයා වහාම අශ්වයාගේ පිටෙන් බැස දිවගොස් ලොරි රථයට නැග එහි ජනේලයෙන් රථයට ඇතුළු වී නැවත ඔහුගෙන් මුදල් ගෙන ඇත.

නව රජය යටතේ.. අමාත්‍යාංශ දෙකක අලුත්ම වෙනසක් මෙන්න..(PHOTOS)

නව රජය යටතේ.. අමාත්‍යාංශ දෙකක අලුත්ම වෙනසක් මෙන්න..(PHOTOS)

මෙම සිදුවීම නිසා මංගල පෙරහැරේ කලබලයක් ද ඇතිව තිබෙන බව සඳහන් වේ.

මනාලයා වාහනය පසුපස හඹා ගොස් එයට ඇතුළු වී සොරාට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

පසුව තවත් කිහිප දෙනෙකු ද පැමිණ මනාලයාට සහය පළ කර, මනාලයාගේ මාලයෙන් මුදල් සොරකම් කළ සොරාට පහර දී තිබෙනවා.

You May Like This Video 👇 

.