2015 ට පසු පළමු වරට හෙට පාර්ලිමේන්තුවේ වෙන්න යන දේ මෙන්න - වියට්නාම් ජනපතිගෙන් විශේෂ කතාවක්

Report

සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝ ලාම් හෙට (08) දින මෙරට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් විශේෂ කතාවක් සිදු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව පෙරවරු 11.05ට පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයාව පිළිගනු ලබන්නේ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් බව සඳහන්.

පසුව වියට්නාම් ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර කෙටි හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ සඳහා ශ්‍රී ලංකා - වියට්නාම් මිත්‍රත්ව සංගමයේ සභාපති අමාත්‍ය දම්මික පටබැඳි සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සහභාගි වනු ඇති බව සඳහන්.

[QOWDV8R

එමෙන්ම මෙහිදී වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය සටහන තැබීමට ද නියමිතයි.

ඉන්පසු සභාගර්භයට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයා කථානායකවරයාගේ ආසනය සමීපයේ පනවා ඇති විශේෂ ආසනයේ අසුන්ගෙන පෙරවරු 11.40ට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සිය විශේෂ කතාව සිදු කරනු ලබන බව සඳහන්.

එමෙන්ම පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2015 වසරෙන් පසු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව මෙය බවයි.

බදු ගෙවන්නන්ගේ බිලියන 7 ක් මෙට්‍රෝ බස් වලට.. පෞද්ගලික බස් හිමියන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

බදු ගෙවන්නන්ගේ බිලියන 7 ක් මෙට්‍රෝ බස් වලට.. පෞද්ගලික බස් හිමියන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

වියට්නාම් ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා සිය ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඉන්පසු සභාව තාවකාලිකව අත්හිටුවීමෙන් අනතුරුව වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් නික්ම යනු ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.  

අස්වැසුම දෙපාරක් වැටුණු පුවත සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - බැර වූ අස්වැසුම නැවත අය කරන බව දැනුම් දෙයි

අස්වැසුම දෙපාරක් වැටුණු පුවත සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - බැර වූ අස්වැසුම නැවත අය කරන බව දැනුම් දෙයි