විවාහයට පෙර රුධිර පරීක්ෂාව අනිවාර්ය කරගන්නැයි විශේෂඥ උපදෙස්

Report

ශ්‍රී ලංකාවේ මේ වනවිට තැලසීමියා රෝගීන් 2500කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, වසරකට නව දරුවන් 45ත් 60ත් අතර සංඛ්‍යාවක් මෙම රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළේ, මෙරට තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථාන 15ක් ක්‍රියාත්මක වන බවයි.

ඇය පෙන්වා දුන්නේ, සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් (Full Blood Count - FBC) මඟින් තැලසීමියා වාහක තත්ත්වය හඳුනාගත හැකි බවත්, රෝගය වැළැක්වීම සඳහා එය ඉතා වැදගත් පියවරක් බවත්ය.

ෆ්‍රීලෑන්සර්වරුන්ට ජය මංගලම් - PayPal හරහා ලංකාවට සෘජුවම මුදල් ගෙන්වීම ඇරඹේ

ෆ්‍රීලෑන්සර්වරුන්ට ජය මංගලම් - PayPal හරහා ලංකාවට සෘජුවම මුදල් ගෙන්වීම ඇරඹේ

මේ අතර, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ රක්තව්‍යාධිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිපුනිකා සේනාධිර මහත්මිය පැවසුවේ, ඇට මිඳුළු බද්ධ කිරීමේ ක්‍රමවේදය මඟින් තැලසීමියා රෝගීන් සුවපත් කිරීමේ ප්‍රතිකාර මේ වනවිට ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත්, රෝගය සුව කිරීමට වඩා වැළැක්වීම වැදගත් බව ඇය අවධාරණය කළාය.

“විවාහයට පෙර යෞවන යෞවනියන් තැලසීමියා වාහක තත්ත්වය පරීක්ෂා කරගැනීම ඉතාමත් වැදගත්” යනුවෙන් ඇය සඳහන් කළාය.

2027 සිට පාසල් සහ විභාග කාලසටහන්වල ලොකු වෙනසක්

2027 සිට පාසල් සහ විභාග කාලසටහන්වල ලොකු වෙනසක්

රාගම තැලසීමියා ප්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී සෞම්‍යා වර්ණකුලසුරිය මහත්මිය ප්‍රකාශ කළේ, දිවයින පුරා තැලසීමියා රෝගීන් සඳහා ප්‍රතිකාර සේවා සැපයීමට තම මධ්‍යස්ථානය සූදානම් බවයි.

එම සේවාවන් තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

බිලියන 40ක ඩිජිටල් හැඳුනුම්පත් ටෙන්ඩරය කළු ලැයිස්තුගත ඉන්දියානු සමාගමකට - වෛද්‍ය චමල්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්

බිලියන 40ක ඩිජිටල් හැඳුනුම්පත් ටෙන්ඩරය කළු ලැයිස්තුගත ඉන්දියානු සමාගමකට - වෛද්‍ය චමල්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්