UNICEF එකෙන් ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීමට ප්‍රශංසාවක්

Report

ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තියට ඉකුත් මැයි 4 වැනි දින කැබිනට් අනුමැතිය හිමිවීම, ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගත් සන්ධිස්ථානීය තීරණයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ප්‍රකාශ කරයි.

ඒ අනුව යුනිසෙෆ් ශ්‍රී ලංකා විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, මෙම තීරණය ශ්‍රී ලංකාවේ ජාතික විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කරමින් ළමුන් වෙනුවෙන් ආරක්ෂිත පවුල් පරිසරයක් තහවුරු කිරීමේ උත්සාහයන්ට වැදගත් පිටුබලයක් වන බව‍යි.

එමෙන්ම දරුවන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට යුනිසෙෆ් වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කර තිබෙන අතර, ජාතික විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය සැකසීම, නේවාසික සත්කාර ආයතනවල ජාතික සංගණනය සහ පළාත් ක්‍රියාකාරී සැලසුම් සංවර්ධනයට ද සහාය ලබාදී ඇත.

මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

එහි ප්‍රතිඵලයක් වශයෙන් 2018 වසරෙන් පසු ආයතනගතව සිටින දරුවන්ගේ සංඛ්‍යාව සියයට 30කින් අඩු වී තිබෙන අතර, ඉකුත් වසර පහ තුළ ළමුන් 6,000කට අධික පිරිසක් ආයතනගත වීම වළක්වා ඇති බවත්, ළමුන් 2,000කට ආසන්න පිරිසක් යළි පවුල් සමඟ එක්කර ඇති බවත් යුනිසෙෆ් පෙන්වා දී ඇත.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ දරුවන් 8,000කට වැඩි පිරිසක් තවමත් නේවාසික රැකවරණ ආයතන තුළ ජීවත් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ දෙමාපියන් ජීවත්ව සිටින බවද අඳාළ නිවේදනයේ දැක්වේ.

මේ අතර දරිද්‍රතාවය, ප්‍රචණ්ඩත්වය, අපයෝජනය, සමාජ අපකීර්තිය සහ ප්‍රජා මට්ටමේ සේවාවන්හි පවතින අඩුලුහුඩුකම් නිසා මෙවැනි තත්ත්වයන් නිර්මාණය වන බව පෙන්වා දෙන යුනිසෙෆ්, අනවශ්‍ය මාපිය-දරු වෙන්කිරීම් වැළැක්වීම, පවුල් පාදක රැකවරණයට ප්‍රමුඛත්වය ලබාදීම සහ ආයතනගත කිරීම අවම කිරීම මෙම ගෝලීය ප්‍රඥප්තියේ ප්‍රධාන අරමුණු බව පවසයි.

ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

අඳාළ ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන, සිද්ධි කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම සහ පවුල් සඳහා උපකාරක සේවා පුළුල් කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය, පළාත් බලධාරීන් සහ සිවිල් සමාජය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් යුනිසෙෆ් වැඩිදුරටත් සඳහන් කරයි.

භාණ්ඩාගාරයේ කෝටි 80 කොල්ලයට රාජගිරියේ සයිබර් කල්ලිය සම්බන්ධද - සැකකරුවන් 120ක් රක්ෂිත බන්ධනාගාරයට

භාණ්ඩාගාරයේ කෝටි 80 කොල්ලයට රාජගිරියේ සයිබර් කල්ලිය සම්බන්ධද - සැකකරුවන් 120ක් රක්ෂිත බන්ධනාගාරයට