ශ්‍රීලන්කන් හිටපු CEO කපිල ඇප ගන්න කරපු වංචාව එළිවෙයි - ඇප දෙන්න ආපු අය සියල්ල වැමෑරීමෙන් රිමාන්ඩ්

Report

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීම සඳහා ඔහුගේ ඥාතීන් වශයෙන් පෙනීසිටි පුද්ගලයින් දෙදෙනෙකු එළඹෙන 13වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඒ අනුව අඳාළ ඇප කොන්දේසිවලට අනුව කපිල චන්ද්‍රෙස්න මහතාගේ ඥාතීන් තිදෙනෙකු විසින් ශරීර ඇප ලබාදිය යුතු විය. ඒ අනුව ඥාතීන් වශයෙන් පෙනීසිටීමට සැකකරුවන් රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන ඇති බවද හෙළිව ඇත.

එබැවින් ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩකිරීම නිසා කපිල චන්ද්‍රෙස්න මහතා නැවත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කර තිබුණා.

ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ ඇප අවලංගුයි? ඇප තියන්න ආපු දෙන්නත් අත්අඩංගුවේ

ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ ඇප අවලංගුයි? ඇප තියන්න ආපු දෙන්නත් අත්අඩංගුවේ

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා පසුගිය 5වැනි දින නියෝග කර සිටියා.

ඒ හේතුවෙන් ඊයේ දින අදාළ ඇප මුදල් තැන්පත් කිරීමට පුද්ගලයින් තිදෙනෙකු අධිකරණයට පැමිණ ඇත. කෙසේ වෙතත් එහිදී ඇපකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් සැකයක් ඇතිවීම නිසා අධිකරණ කාර්ය මණ්ඩලය සිදුකළ පැමිණිල්ලකට අනුව ඔවුන් දෙදෙනා කෙසෙල්වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේදී ඔවුන් හෙළි කර ඇත්තේ තමන් කපිල චන්ද්‍රසේන මහතාව නාඳුනන බවත්, රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වූ බවත් ය.

ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන නැවත අත්අඩංගුවට ගැනීමට නියෝග

ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන නැවත අත්අඩංගුවට ගැනීමට නියෝග

එමෙන්ම සැකකරුවන්ට නිශ්චිත රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොමැති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. එසේම අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන සැකකරුවන් දෙදෙනා එළඹෙන 13 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් අධිකරණය නියෝග ක‍ර ඇත.

තවද ඇප තැබීමට මොවුන් ග්‍රාම නිලධාරි සහතික ලබා ගැනීම පිළිබඳ විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.

එමෙන්ම ඇප මත මුදාහැරි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(07) දින නියෝගයක් නිකුත් කළා.

ඒ ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩකිරීම නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම සිදුකල ඉල්ලීමක් සලකා බලමින් බව සඳහන්.

ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

අල්ලස් කොමිසම සැර වෙයි - හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට නඩු

අල්ලස් කොමිසම සැර වෙයි - හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට නඩු