වික්ටර් රත්නායකගේ සුරූපී බිරිඳ ගීත කෝකිලයා පුදුම කරමින් දැමු Facebook සටහන...උණුසුම් ඡායාරූපත් එක්කරයි.(PHOTOS)
"හමුවෙන අයගෙන් අපේ ජීවිත තුළට සදා අමරණීය හා උතුම් චරිත බවට පත් වන්නේ ඉතාමත් අතලොස්සක්" 80 වන ජන්ම දිනය සමරන වික්ටර් රත්නායකයන්ගේ බිරිඳ ඔහුට සුබ පතා ආදරණීය සටහනක් සමාජ මාධ්‍යට එකතු කර තිබුණා.
ඒ සමගම ආදරය වෑහෙන පින්තූර කිහිපයකුත් බෙදාගන්න ඇය අමතක කළේ නෑ.
පහතින් දැක්වෙන්නේ එම සටහනයි. "කුඩා කල පටන් මා ඇසුරු කළ සංගීත ලෝකයෙහි මගේ වීරයා ඔබයි.
ඔබේ ලයාන්විත හා තේජස්වී කටහඩ මගේ ළමා මනස හා ආත්මය අපූර්ව රිද්මයකින් සුවපත් කළා යැයි කීම අරුමයක් නොවේ.
නමුත්, කුඩා කළ මගේ ලෝකයේ වීරයා අද වන විට මගේ ජීවන ගමනට අත්වැලක් හා පූජනීයත්වයක් ජනිත කරනු ඇතැයි මම එදා සිහිනෙනුදු නොසිතුවෙමි.
ඇත්තෙන්ම, මගේ ජීවිතය තුලට ඔබේ ආගමනය අභ්‍යන්තර හා බාහිර වශයෙන් මා තුළද, මාගේ ආධ්‍යාත්මය තුලද ඇති කළ වර්ධනය හා සංහිදියාව මෙතෙකැයි කීමට තරම් මම සමත් නොවෙමි.
ඔබ මට ගෞරව සම්ප්‍රයුක්ත වැඩිහිටියකු පමණක් නොවේ.
ඔබේ උතුම් චරිතය වසා පවතින්නා වූ මනුසත් බව, උත්තුංග බව, මෘදු හා සෞම්‍ය බව මා තුළ ඉමහත් පෙරළියක් කර ඇති සේය.
මගේ ජිවිතයට ඉමහත් වූ ආරක්ෂාවත්, සෙවණක් හා සිසිලසත් පතුරුවාලන ඝන සෙවනැල්ලෙන් යුක්ත මහා වනස්පතියක් ලෙසින් මම ඔබව දකින්නෙමි.
මහා වෘක්‌ෂයක අතු පතරෙහි සෙවන ලබන්නා වූ සියොතුන් කෙතරම් ආරක්ෂාකාරී සහනයකින් යුතු වේද, මමද එසේ ඔබේ සෙවනින් ප්‍රමුදිතව ආරක්ෂා සහිත වෙමි.
කලාව, ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් කෙලවර විය යුත්තක් බව පැවසේ .
එසේම ඔබ සුසර කරනා කලාවේ තත්, මා ද ඇතුළු පොදු මහත් ජනයාගේ මනදොළ සපුරා, තෙවනි ඇසක් විවර කරනා මහා ප්‍රඥාවක් බැව් මට පසක් වන්නේ ඔබේ මියුරු හඩින් නින්නාද වන සුභාවිත ගීතයක අපූරු රිද්මය තුලිනි.
ඔබේ සෙවණයට සිසිලස ලැබීමට තරම් මා කෙතරම් භාග්‍යයවන්ත දැයි ඊලග තත්පරයේදී මට පසක් වේ.
එවිට මගේ සිත ඉමහත් ප්‍රීතියකින් හා විශ්මයකින් ඔද වැඩි යනු මට දැනෙයි.
ඔබ මට විශාල ආරක්ෂාවක් හා ශක්තියකි. එකී ශක්තියත් ආරක්ෂාවත් ජීවිතයේ ඉතා අසීරු අවස්ථාවන්හිදී පවා නොසැලී සිටීමට මට මහත් අත්වැලක් සේම, යනෙනා මාවත නිරන්තරයෙන්ම ආලොකමත් කරනා උදීවී ආලෝකයක් බවද මා සිහිපත් කල යුතුයි.
අපට ජීවිතයේදී බොහෝ තැනැත්තන් හමුවේ. එහෙත් ඒ හමුවෙන අයගෙන් අපේ ජීවිත තුළට සදා අමරණීය හා උතුම් චරිත බවට පත් වන්නේ ඉතාමත් අතලොස්සකි.
එවන් සුවිසල් ලොවක් තුළ ඔබගේ මහා සෙනෙහස හා ලබැදි බව ලැබීමට තරම් මා වාසනාවන්ත වුයේ, දිනක ඔබ කියූ ආකාරයටම පෙර භවයක හමු වී ඇති නිසාම වන්නට හැකිය.
මට ඔබව සිහිවන්නේ නිසසල අරණක තුරුපත් සැලෙන මන්ද්‍ර සංගීතය මැද නිහඩව නැගී සිටිනා සුපසන් වු ගාම්භීර ආරාමයක් සේය.
මට දැනෙන්නේ දැන්, ජීවිතය නොයෙක් වර්ණවත් රටා යෙදු සුමට කලාලයක් ලෙසිනි.
එහි රටා වර්ණවත් ලෙස වර්ණ ගැන්වුයෙත් රසාලිප්ත කලේත් එහි ඔබය.
ඔබ ඇසුරේ සෙවණ ලැබුමෙන් පසු මගේ ජීවිතය එතරම්ම වෙනස් වු බවත් සුවපත් වු බවත් කිවයුතුයි.
ඉතින් මගේ ජීවිතයේ අත්වැල වු ඔබට සුබ උපන්දිනයක් වේවායි ප්‍රර්ථනා කරමි.
මගේ ආයුෂත් රැගෙන ඔබ නිදුක්, නිරෝගීව සතුටින් චිරාත් කාලයක් වෙසෙනු දැකීම මාගේ එකම පැතුමයි!
ඔබට තෙරුවන් සරණයි!"
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න. |