පශූ වෛද්‍යවරු වර්ජනයට සූදානම්
පරිපූරක වෛද්‍ය සේවා 05ක සේවකයන් එක්ව ආරම්භ කළ වර්ජනයෙන් සේවා 04ක සේවකයන් අද (07) පෙරවරු 08ට වර්ජනය අවසන් කළ ද, සායන කටයුතු ඇතුළු රෝහල් පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පවසති. ඔවුන් සඳහන් කළේ, වර්ජනයට එක්වූ කාර්ය මණ්ඩලයේ අඩුව හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.
වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් පෙරේදා (05) උදෑසන 08ට පරිපූරක වෛද්‍ය වෘත්තීන් 05ක් එක්ව වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර, මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව තිබේ.
කෙසේ වුවද, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ නියෝජිතයන් ඊයේ (06) පස්වරුවේ රැස්වී වර්ජනය අත්හිටුවීමට තීරණය කළ නමුත්, ඔවුන් සමඟ වර්ජනයට එක්වූ වෛද්‍ය හා රසායනාගාර වෘත්තීකයන් පමණක් තවදුරටත් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වීමට තීරණය කර ඇත.
මේ අතර, සේවා ව්‍යවස්ථාවේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා රජයේ පශු වෛද්‍ය නිලධාරී සංගමය අනිද්දා (08) සංකේත වර්ජනයක නිරත වන බව එහි සභාපති උපුල් රංජිත් කුමාර ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
